Tuesday, November 18, 2014

වැඩසටහන් වෙනසක්

අඩ හෝරාවක හෝ හෝරාවක කාලයක් එකම ආකාරයක් ගීත ඇසීමේදී ඇතිවන එකාකාරී හැඟීම දුරු කිරීම සඳහා අදසිට රාවන අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන් වල වෙනසක් සිදුකර ඇත. ඒ අනුව සෑම පැයකම ජනගී, නාට්‍යය ගී, විරිදු, සරලගී , චිත්‍රපටි ගී , ළමා ගී ඇතුළු නොයෙකුත් ආකාරයේ ගී වල එකතුවකට ඔබට සවන් දිය හැකිය.

Wednesday, November 12, 2014

ඉදිරි වැඩ සටහන්

ඉදිරියේදී රාවන ගුවන් විදුලියෙන් දැනට විකාශනය වන ආකාරයට  ජන ගී, ළමා ගී, සරල ගී, හින්දි ගී , විශ්ව සංගීතය .... ආදී ලෙස වෙන් වෙන් වශයෙන් වැඩ සටහන් ඉදිරිපත් නොකර ගීත සියල්ල මිශ්‍රව එක දිගට විකාශයනය කිරීමට තීරණය කර ඇත. එය වඩා සුදුසුද නො-එසේනම් දැනට විකාශනය වන ආකාරය සුදුසුද. කරුණාකර මේ සඳහා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.