Tuesday, November 18, 2014

වැඩසටහන් වෙනසක්

අඩ හෝරාවක හෝ හෝරාවක කාලයක් එකම ආකාරයක් ගීත ඇසීමේදී ඇතිවන එකාකාරී හැඟීම දුරු කිරීම සඳහා අදසිට රාවන අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන් වල වෙනසක් සිදුකර ඇත. ඒ අනුව සෑම පැයකම ජනගී, නාට්‍යය ගී, විරිදු, සරලගී , චිත්‍රපටි ගී , ළමා ගී ඇතුළු නොයෙකුත් ආකාරයේ ගී වල එකතුවකට ඔබට සවන් දිය හැකිය.

Wednesday, November 12, 2014

ඉදිරි වැඩ සටහන්

ඉදිරියේදී රාවන ගුවන් විදුලියෙන් දැනට විකාශනය වන ආකාරයට  ජන ගී, ළමා ගී, සරල ගී, හින්දි ගී , විශ්ව සංගීතය .... ආදී ලෙස වෙන් වෙන් වශයෙන් වැඩ සටහන් ඉදිරිපත් නොකර ගීත සියල්ල මිශ්‍රව එක දිගට විකාශයනය කිරීමට තීරණය කර ඇත. එය වඩා සුදුසුද නො-එසේනම් දැනට විකාශනය වන ආකාරය සුදුසුද. කරුණාකර මේ සඳහා ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.

Tuesday, October 14, 2014

හෙළ ගී වරුණ

රාවන අන්තර්ජාල ගුවන් විදුලිය ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ තරඟකාරී ගුවන් විදුලි නාලිකා තුලින් ඉඩක් නොලැබ දැනට අප අතරින් කෙමෙන් මැකීයන ජන සoගීතය ට යම් ඉඩක් වෙන් කිරීමයි. ඒ සඳහා දායක වීමට ඔබටත් හැකියාවක් ඇත. ඔබ සතුව පටිගත කල ජන ගී ,ජන කවි ආදිය ඇතිනම් අප වෙත යොමු කරන්න. ravanafm@gmail.com
එමෙන්ම ඔබ ජන සoගීතය ප්‍රිය කරන්නෙක් නම් උදෑසන 9.30 ට හා රාත්‍රී 8.30 ට (නැවත විකාශය ) විකාශනය වන හෙළ ගී වරුණ වැඩසටහන සමග එක්විය හැකියි.

Tuesday, September 9, 2014

ගීත ඉල්ලීම්

සෑම සඳුදා හා සිකුරාදා දිනකම ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන හතයි තිහ හා රාත්‍රී නවය යන කාලය  ඔබගේ ගීත ඉල්ලීම් සඳහා වෙන්කිරීමට අප තීරණය කර ඇත.  ඒ අනුව සතියේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉල්ලන ගීත සිකුරාදා දිනයේදී හා සිකුරාදා සිට ඉරිදා දින අතරදී ඉල්ලන ගීත සඳුදා දිනයේදීත් ප්‍රචාරය කරනු ඇත. දැනට ඉල්ලන ගීත පමණක් ප්‍රචාරය කරණු ලබන අතර ඉදිරියේදී ඔබේ නමින්ම ගීත ප්‍රචාරය කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු. කෙසේ නමුත් ඔබගේ ගීත ඉල්ලීම mp3 (audio) ලෙසින් අපවෙත යොමුකරන්නේනම් ගීතයට පෙර ඔබේ හඬ ප්‍රචාරය කිරීමට කටයුතු කල හැකිය.
ඔබ්ගේ ගීත ඉල්ලීම ravanafm@gmail.com වෙත ඊ මේල් මගින් එවිය හැකිය.

Friday, August 15, 2014

ඔබ කැමතිම වැඩ සටහන්

රාවන අන්තර්ජාල ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන ඔබ කැමතිම වැඩ සටහන් ඔබට සවන් දීමට අපහසු වේලාවන් තුල විකාශනය වේනම් ඒ පිළිබඳව අපට දන්වන්න. අපි හැකි පරිදි ඔබට පහසු වේලාවන් වලදී වැඩසටහන් විකාශනය කිරීමට උත්සාහ ගන්නෙමු. විශේෂයෙන්ම වැඩසටහන් පෙලගස්සවා ඇත්තේ ශ්‍රී ලංකාවේ වේලාවට අනුව වන බැවින් විදෙස් රටවල සිට අසන අසන්නන්ට යම් අපහසුතා ඇතිවිය හැකිය. එබැවින් දැනටත් අපගේ සමහර වැඩ සටහන් දිනකට දෙවරක් ප්‍රචාරය කරණු ලබයි. කෙසේ නමුත් ඔබට පහසු වේලාවන් අපට දන්වන්න. ( මෙහි comment කරන්න ). ඔබේ රසවින්දනය අපේ සතුටයි.

Wednesday, August 13, 2014

14.07.2014 - 7.45 a.m.

සේවා සපයන්නගෙ දෝෂයක් හේතුවෙන් පැය කිහිපයකට නැවතී තිබූ රාවන අන්තර්ජාල ගුවන්විදුලි වැඩ සටහන් නැවතත් යථා තත්වයට පත්කරන ලදී. අසන්නන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව.

Tuesday, July 22, 2014

වින්සන්ට් ද පෝල් මහතා අභාවප්‍රාප්ත විය

ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය.
 සිරිපාදේ සමනළ කන්ද පෙනේ , බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා කමලා ආදී ගීත ද ඔහු ගැයූ ගිත අතරට අයත්ය. 
(lankadeepa - 23.07.2014)

Tuesday, July 8, 2014

වැඩ සටහන් වෙනසක්

දිනපතා රාවන අන්තර්ජාල ගුවන් විදුලියෙන් උදෑසන 11.00 ට විකාශනය වූ අතීතයෙන් ඇසෙන ගී වැඩ සටහන උදෑසන 10.00 ටත්, උදෑසන 11.30 ට විකාශනය වූ කණ්ඩායම් ගී වැඩ සටහන උදෑසන 10.30 ටත් මින් ඉදිරියට විකාශනය වන බව කරුණාවෙන් සලකන්න.

මෙතෙක් රාත්‍රී 10.00 ට පමණක් විකාශනය කල භාරත ගී වැඩසටහනට  මින් ඉදිරියට උදෑසන 11.00 ටත් සවන් දිය හැකියි.

Sunday, April 27, 2014

වැඩසටහන් වෙනසක්

අප්‍රේල් 28 වෙනි සඳුදා සිට රාත්‍රී 7.30 ට විකාශනයවූ මහපොළවේ ගීතය ( විශ්ව සන්ගීතය ) වැඩ සටහන රාත්‍රී 11.00 ටද, රාත්‍රී 11.00 ට වුකාශනයවූ අතීතයෙන් ඇසුන ගී රාත්‍රී 7.30 ටද වශයෙන් විකාශන කටයුතු හුවමාරු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

Wednesday, April 23, 2014

අතීත හෙළයෝ සහ වර්තමාන හෙළයෝ


https://www.youtube.com/watch?v=u6LPJhOtUnI&feature=youtu.be

නොදන්නාකමින් වැනසෙන සිංහළ බොදු උරුමය 01



http://www.youtube.com/watch?v=wlqhHZ1aNnQ&feature=youtu.be

වැඩ සටහන් නිපදවීම

රාවන අන්තර්ජාල ගුවන් විදුලිය වෙනුවෙන් වැඩ සටහන් නිපදවීමට ඔබටත් අවස්තාවක්. මෙහි මුල්ම අදියර වශයෙන් ඔබවිසින් නිපදවූ ගීතමය වැඩසටහන් අප ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරයට කටයුතු සුවදානම් කර ඇත.

වැඩසටහන් සඳහා අදාල කොන්දේසි.

(1). චිත්‍ර පටි ගී, ජන ගී, සරල ගී, නාට්‍යය ගී හෝ වෙනත් ඕනෑම තේමාවක් ඔස්සේ ගීත පෙළ ගැස්සවීමට ඔබට නිදහස ඇත.

(2). සියළු වැඩ සටහන් පැය භාගයක විකාශන කාලයකට සකස් කර එවිය යුතුය.


(3). ගීත අතර මැද සිදු කරණ නිවේදන කටයුතුද (උදා:- ගායකයාගේ නම, චිත්‍ර පටියේ නම ....)ඔබ විසින් කල යුතුය.


(4). හැකිතාක් දුරට මුල්ම ගීතය හෝ මුල් සන්ගීතය ඇති ගීත යොදා ගැනීමට උත්සාහ කරන්න.


(5).වැඩසටහන් අතර කිසිම වෙළඳ, දේශපාලන හෝ වෙනයම් කුමන ආකාරයකවත් ප්‍රචාරණ කටයුත්තක්වත් නොකරන්න.


(6). වැඩසටහන අවසානයේ ඔබේ නම සඳහන් කිරීමට හැකිය (නිවේදක හා වැඩසටහන් සන්ස්කාරක ලෙස ).


(7). හඬ පටිගත කිරීම සඳහා පරිඝනකයක් සමග සාමාන්‍යය Mic එකක් හෝ Head set භාවිතා කිරීම ප්‍රමාණවත්ය.


(3). සියළු වැඩසටහන් MP3 ආකාරයට සකසා එවන්න.


අප වෙත ලැබෙන සියළු වැඩසටහන් ප්‍රචාරණයට උචිත පරිදි හා අප ගුවන්විදුලියේ නියමයන්ට අනුකූල ලෙස සන්ශෝදනය කිරීමේ අයිතිය රාවන සොයුරන් සතුය.

 ඔබ විසින් සකස් කරන ලද වැඩ සටහන් sudasingha@gmail.com වෙත විද්යුත් තැපෑල (e-mail) මගින් යොමු කරන්න. ප්‍රචාරය කරන දිනය සහ වේලාව වැඩ සටහන් ලැබුන විට සාකාච්ඡා කර ගත හැකිය.