Sunday, April 27, 2014

වැඩසටහන් වෙනසක්

අප්‍රේල් 28 වෙනි සඳුදා සිට රාත්‍රී 7.30 ට විකාශනයවූ මහපොළවේ ගීතය ( විශ්ව සන්ගීතය ) වැඩ සටහන රාත්‍රී 11.00 ටද, රාත්‍රී 11.00 ට වුකාශනයවූ අතීතයෙන් ඇසුන ගී රාත්‍රී 7.30 ටද වශයෙන් විකාශන කටයුතු හුවමාරු කර ඇති බව කරුණාවෙන් සලකන්න.

Wednesday, April 23, 2014

අතීත හෙළයෝ සහ වර්තමාන හෙළයෝ


https://www.youtube.com/watch?v=u6LPJhOtUnI&feature=youtu.be

නොදන්නාකමින් වැනසෙන සිංහළ බොදු උරුමය 01



http://www.youtube.com/watch?v=wlqhHZ1aNnQ&feature=youtu.be

වැඩ සටහන් නිපදවීම

රාවන අන්තර්ජාල ගුවන් විදුලිය වෙනුවෙන් වැඩ සටහන් නිපදවීමට ඔබටත් අවස්තාවක්. මෙහි මුල්ම අදියර වශයෙන් ඔබවිසින් නිපදවූ ගීතමය වැඩසටහන් අප ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරයට කටයුතු සුවදානම් කර ඇත.

වැඩසටහන් සඳහා අදාල කොන්දේසි.

(1). චිත්‍ර පටි ගී, ජන ගී, සරල ගී, නාට්‍යය ගී හෝ වෙනත් ඕනෑම තේමාවක් ඔස්සේ ගීත පෙළ ගැස්සවීමට ඔබට නිදහස ඇත.

(2). සියළු වැඩ සටහන් පැය භාගයක විකාශන කාලයකට සකස් කර එවිය යුතුය.


(3). ගීත අතර මැද සිදු කරණ නිවේදන කටයුතුද (උදා:- ගායකයාගේ නම, චිත්‍ර පටියේ නම ....)ඔබ විසින් කල යුතුය.


(4). හැකිතාක් දුරට මුල්ම ගීතය හෝ මුල් සන්ගීතය ඇති ගීත යොදා ගැනීමට උත්සාහ කරන්න.


(5).වැඩසටහන් අතර කිසිම වෙළඳ, දේශපාලන හෝ වෙනයම් කුමන ආකාරයකවත් ප්‍රචාරණ කටයුත්තක්වත් නොකරන්න.


(6). වැඩසටහන අවසානයේ ඔබේ නම සඳහන් කිරීමට හැකිය (නිවේදක හා වැඩසටහන් සන්ස්කාරක ලෙස ).


(7). හඬ පටිගත කිරීම සඳහා පරිඝනකයක් සමග සාමාන්‍යය Mic එකක් හෝ Head set භාවිතා කිරීම ප්‍රමාණවත්ය.


(3). සියළු වැඩසටහන් MP3 ආකාරයට සකසා එවන්න.


අප වෙත ලැබෙන සියළු වැඩසටහන් ප්‍රචාරණයට උචිත පරිදි හා අප ගුවන්විදුලියේ නියමයන්ට අනුකූල ලෙස සන්ශෝදනය කිරීමේ අයිතිය රාවන සොයුරන් සතුය.

 ඔබ විසින් සකස් කරන ලද වැඩ සටහන් sudasingha@gmail.com වෙත විද්යුත් තැපෑල (e-mail) මගින් යොමු කරන්න. ප්‍රචාරය කරන දිනය සහ වේලාව වැඩ සටහන් ලැබුන විට සාකාච්ඡා කර ගත හැකිය.