Sunday, November 23, 2014
Tuesday, November 18, 2014
වැඩසටහන් වෙනසක්
අඩ හෝරාවක හෝ හෝරාවක කාලයක් එකම ආකාරයක් ගීත ඇසීමේදී ඇතිවන එකාකාරී හැඟීම දුරු කිරීම සඳහා අදසිට රාවන අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන් වල වෙනසක් සිදුකර ඇත. ඒ අනුව සෑම පැයකම ජනගී, නාට්‍යය ගී, විරිදු, සරලගී , චිත්‍රපටි ගී , ළමා ගී ඇතුළු නොයෙකුත් ආකාරයේ ගී වල එකතුවකට ඔබට සවන් දිය හැකිය.
Wednesday, November 12, 2014
ඉදිරි වැඩ සටහන්
ඉදිරියේදී රාවන ගුවන් විදුලියෙන් දැනට විකාශනය වන ආකාරයට ජන ගී,
ළමා ගී, සරල ගී, හින්දි ගී , විශ්ව සංගීතය .... ආදී ලෙස වෙන් වෙන් වශයෙන්
වැඩ සටහන් ඉදිරිපත් නොකර ගීත සියල්ල මිශ්‍රව එක දිගට විකාශයනය කිරීමට තීරණය කර ඇත. එය
වඩා සුදුසුද නො-එසේනම් දැනට විකාශනය වන ආකාරය සුදුසුද. කරුණාකර මේ සඳහා
ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න.
Thursday, October 23, 2014
Tuesday, October 14, 2014
හෙළ ගී වරුණ
රාවන
අන්තර්ජාල ගුවන් විදුලිය ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ තරඟකාරී ගුවන්
විදුලි නාලිකා තුලින් ඉඩක් නොලැබ දැනට අප අතරින් කෙමෙන් මැකීයන ජන සoගීතය ට
යම් ඉඩක් වෙන් කිරීමයි. ඒ සඳහා දායක වීමට ඔබටත් හැකියාවක් ඇත. ඔබ සතුව
පටිගත කල ජන ගී ,ජන කවි ආදිය ඇතිනම් අප වෙත යොමු කරන්න. ravanafm@gmail.com
එමෙන්ම ඔබ ජන සoගීතය ප්‍රිය කරන්නෙක් නම් උදෑසන 9.30 ට හා රාත්‍රී 8.30 ට (නැවත විකාශය ) විකාශනය වන හෙළ ගී වරුණ වැඩසටහන සමග එක්විය හැකියි.
එමෙන්ම ඔබ ජන සoගීතය ප්‍රිය කරන්නෙක් නම් උදෑසන 9.30 ට හා රාත්‍රී 8.30 ට (නැවත විකාශය ) විකාශනය වන හෙළ ගී වරුණ වැඩසටහන සමග එක්විය හැකියි.
Tuesday, September 9, 2014
ගීත ඉල්ලීම්
සෑම සඳුදා හා සිකුරාදා දිනකම ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන හතයි තිහ හා රාත්‍රී නවය යන කාලය ඔබගේ ගීත ඉල්ලීම් සඳහා වෙන්කිරීමට අප තීරණය කර ඇත. ඒ අනුව සතියේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ඉල්ලන ගීත සිකුරාදා දිනයේදී හා සිකුරාදා සිට ඉරිදා දින අතරදී ඉල්ලන ගීත සඳුදා දිනයේදීත් ප්‍රචාරය කරනු ඇත. දැනට ඉල්ලන ගීත පමණක් ප්‍රචාරය කරණු ලබන අතර ඉදිරියේදී ඔබේ නමින්ම ගීත ප්‍රචාරය කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමු. කෙසේ නමුත් ඔබගේ ගීත ඉල්ලීම mp3 (audio) ලෙසින් අපවෙත යොමුකරන්නේනම් ගීතයට පෙර ඔබේ හඬ ප්‍රචාරය කිරීමට කටයුතු කල හැකිය.
ඔබ්ගේ ගීත ඉල්ලීම ravanafm@gmail.com වෙත ඊ මේල් මගින් එවිය හැකිය.
ඔබ්ගේ ගීත ඉල්ලීම ravanafm@gmail.com වෙත ඊ මේල් මගින් එවිය හැකිය.
Friday, August 22, 2014
Tuesday, August 19, 2014
Friday, August 15, 2014
ඔබ කැමතිම වැඩ සටහන්
රාවන අන්තර්ජාල ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන ඔබ කැමතිම වැඩ සටහන් ඔබට සවන් දීමට අපහසු වේලාවන් තුල විකාශනය වේනම් ඒ පිළිබඳව අපට දන්වන්න. අපි හැකි පරිදි ඔබට පහසු වේලාවන් වලදී වැඩසටහන් විකාශනය කිරීමට උත්සාහ ගන්නෙමු. විශේෂයෙන්ම වැඩසටහන් පෙලගස්සවා ඇත්තේ ශ්‍රී ලංකාවේ වේලාවට අනුව වන බැවින් විදෙස් රටවල සිට අසන අසන්නන්ට යම් අපහසුතා ඇතිවිය හැකිය. එබැවින් දැනටත් අපගේ සමහර වැඩ සටහන් දිනකට දෙවරක් ප්‍රචාරය කරණු ලබයි. කෙසේ නමුත් ඔබට පහසු වේලාවන් අපට දන්වන්න. ( මෙහි comment කරන්න ). ඔබේ රසවින්දනය අපේ සතුටයි.
Wednesday, August 13, 2014
14.07.2014 - 7.45 a.m.
සේවා සපයන්නගෙ දෝෂයක් හේතුවෙන් පැය කිහිපයකට නැවතී තිබූ රාවන අන්තර්ජාල ගුවන්විදුලි වැඩ සටහන් නැවතත් යථා තත්වයට පත්කරන ලදී. අසන්නන්ට සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව.
Subscribe to:
Posts (Atom)


